තොරතුරු වල මුලික තෑනුම් ඒකක හා එහි ගති ලක්ෂණ (Basic Building Blocks of Information)
දත්ත - හැදින්වීම (Introduction to Data)
ලංකාවේ හැම
වසර 10 කටම වරක්ම ජන සංගණනයක් පවතවනවා .ඒ වගෙ වෙලවක ජනලේඛන හා
සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නියෝජිතයේක් හැම ගෙදරකටම පැමිණ ,ගෘහ
මුලිකයගෙ නම,ගෙදර කොපමණ සාමාජිකයෝ ඉන්නවද, ඒ අයගෙ නම් ,වයස ,ස්ත්‍රි පුර්ෂ
භාවය ,ස්ථිර පදිංචිය තහවුරු කරගෙන ,පත්‍රිකවක සටහන් කර ගන්නවා. හොදට
බැලුවනම් දකින්න පුළුවන් ගෙදර අලවල තියෙන සංගනණ අංකයත් සටහන් කර ගන්න
තියෙනවා.
මේ
වගේ ලංකවෙ හැම ගෙදරකින්ම එකතුකරගත්තු පත්‍රිකා ජනලේඛන හා සංඛ්‍යාලේඛන
දෙපාර්තමෙන්තුව පහත දක්වෙන කෙටි වගු වලට පරිවර්තනය කරනවා.
පුවත්පත්වල
,සඟරාවල, වෙබ් අඩවි වල නංගිලා මල්ලිලා දැකලා ඇති මේ වගේ වගු සටහන්.
මෙහි තිබෙන මධය වාර්ෂික ජනගහනය,ජන ඝනත්වය,වාර්ෂික උපත් මරණ අනුපතය ආදිය
උපුටගෙන නොයෙකුත් සැසදිම් ,ව්ශ්ලේෂ හා නිගමන ඉදිරිපත් කරනවා.පත්‍රිකව හරියට
සම්පුරන කලා නම් ,ලංකවේ අය හැටියට කවුරුත් දන්නවා තමන්ගේ ගෙදර ඉන්න ගානත්
මධය වාර්ෂික ජනගහනය ඇතුලෙ ඉන්නව කියලා.පත්‍රිකා වලින් මේ වගේ වැදගත්
යමක් ලබාගන්න ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමෙන්තුව ඇතුලෙ ලොකු
ක්‍රියවලියක් සිදුවනබව හිතන්න පුළුවන්.
ඒ
වුනත් ඔබගේ ගෙදර කොපමන් සංඛ්‍යාවක් ඉන්නවද යන්න නිගමන, තිරණ ගන්න
වැදගත් වෙන්නෙ කලාතුරකින් නේද?උදාහරණයක් වශයෙන් ඔබගේ මව ආහාර පිසින්න පෙර
ගෙදර අද දවසේ කොපමණ සංඛ්‍යාවක් ඉන්නවද කියලා බලන අවස්ථාව ගන්න පුළුවන්.
මේ වගෙ ප්‍රශ්න ඔයගොල්ලට ඇවිල්ලා ඇති,බාග වෙලවට එහෙම වෙන්න හේතුව දන්නවත් ඇති.
ඇයි අර පත්‍රිකා සෘජුවම අරගෙන ,ලංකව ගැන ව්ශ්ලේෂ හා නිගමන නොකරන්නේ ?
ගෙවල් දෙකක් සැසදීමට , ඉහත වගුවෙන් සුදුසුද ? (වටහ ගන්න පුලුවන්)
ඇයි පත්‍රිකවල අඩංගු දේ වෙනත් ස්වරුපයකට පත් කරාම එකට වැදගත් කමක් ලැබෙන්නෙ?
ඇයි එක පුද්ගලයකුට වැදගත් පත්‍රිකා තවත් කෙනෙකුට එ විදියටම වැදගත් නැත්තේ?
, දත්ත කියන්නේ මොනාද කියලා දැන් හදුනාගමු.
දත්ත (Data) - නිර්වචනය
අවිධිමත් අර්ථ රහිත අසංවිධිත අංග සමුහයක් දත්ත යනුවෙන් නිර්වචනය කළ හැක.
සරළව කිව්වොත් අපට එදිනෙදා ජීවිතයේදි මූලික අර්ථයෙන් ලබාදෙන (source
format) කිසිඳු ආකාරයේ සකස්කිරිමකට භාජනය නොකළ කරුණු (facts)
,සංඛ්‍යා (numbers) , රූප (images) සහ මිනුම් (measures)
සමුහයක් දත්ත විදියට ගන්න පලුවන්.
නිර්වචනයේ කොටසින් කොටස අරගෙන තවදුරටත් පැහැදිලි කරගමු.
අර්ථ රහිත (Meaningless)
අර්ථ
රහිත ( අර්ථ විරහිත ) කියලා කියන්නේ දත්ත දැනට පවතින ආකාරයෙන් භාවිතා
කරන්නාගේ අරමුණ සම්පුර්න කරගන්න බැරි නිසා .ඒ කියන්නේ පවතින අර්ථ විරහිත
ආකාරයේ සිට අර්ථාන්විත ආකාරයකට පත් කරන්න ඕනේ.
ජන සංගණනයේ උදාහරණයට අනුව සැසදිම්
,ව්ශ්ලේෂ හා නිගමන ඉදිරිපත් කරන අයට
ගෙවල් වලින් එකතු කරපු පත්‍රිකා වලින් කෙලිම නිගම වලට පැමිණීම ප්‍රයෝගික
නැහැ. එවැනි විශ්ලේෂණයක් පිළිගැනීමට ලක්වෙන්නේ නැත්තේ යොදාගත් දත්ත
අර්ථාන්විත ආකාරයකට( සංශිප්ත ,වගුගත , ලංකාවේම කරුණු ඇතුලත් ) අකාරයට
පත්කර නැති නිසා.
විශ්ලේෂකයන්ට අනුව පත්‍රිකා වල අඩංගු වෙන්න දත්ත කියලා හිතන්න පුළුවන්.
අසංවිධි (Not organized)
දත්ත වලින් ප්‍රොයෝජනවත් කාර්යයක් ලබාගන්න දත්ත වෙනත් ආකාරයකට පරිවර්තනය කිරීම බොහෝවිට අවශ්‍යයි.
පත්‍රිකා ඒ ආකාරයෙන්ම තියෙද්දී අපි සලකන්නේ ඒවා අසංවිධිත හැටියට. සැම පත්‍රිකාවකම එම නිවසේ කරුණු බොහොමයක් අඩංගුයි.
එක එක පත්‍රිකාව අරන් කියන්න හැකි වෙන්නේ ඒ ඒ නිවසේ විස්තර විතරයි.
ලංකාවේ ඉන්න හැමෝගෙම වයස දැනගන්න ,මේ හැම පත්‍රිකාවකම නිවැසියන්ගේ වයස
ඒ අයගේ නම හෝ ජාතික හැදුනුම්පත් අංකයට (NIC) සමඟ සටහන් කරගන්න වෙනවා.
උදාහරණයක
ලංකාවේ ඉන්නේ හැමෝගෙ නම සමග වයස දන්නවා නම්, ඔබගේ වයසේ කි දෙනෙක් ඉන්නවාද
ඇසුවොත්, අපිට ඒ දත්ත අවම වශයෙන් කණ්ඩායම් දෙකකට බෙදාගන්නවත් වෙනවා.ඊට
පස්සේ අපේ වයසට සමාන කණ්ඩායමේ කි දෙනෙක් ඉන්නවද කියලා ගනින්න (count) ඕනේ
.දත්ත සංවිධානය කරන්න බහුලව සංඛ්‍යානය (Statistics) භාවිතා කරන්න පුළුවන්
කියලා දැන් ඔය ගොල්ලන්ට තේරෙනවා ඇති .
අවිධිමත් - ( Informal )
දත්ත පිහිටන ආකාරය අනුව
භාවිතා කරන්නා අවිධිමත් ලෙස වර්ග කරන්න පලුවන්. දත්ත එක්රැස්
කිරීමේදී මූලික අර්ථයෙන් ලබාගන්නා(source format) දත්ත අසම්පුරන වෙන්න
පලුවන්. උදාහරණයට හැටියට සමහර වයසක අයගේ ජාතික හැදුනුම්පත් ලබාගන්න
බැරි වෙන්න පලුවන්.එවැනි අවස්ථාවක පත්රිකාවේ අනිවාර්ය
දත්ත පවා මගහැරී තියෙන්න පුළුවන්.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඉහත ආකාරයේ සම්මතව පත්‍රිකාවක්
නිදේශ කර නොතිබුනානම් , නියෝජිතයන් විවිධ පත්‍රිකා සකස්කර ( විවිධ
පිලිවල , විවිධ හදුන්වන නාම ) ලබාදෙන්නේ පලුවන්. එවිට පත්‍රිකාවල අවිධිමත්
බව වැඩි වෙනවා.
දත්ත පිහිටන ආකාර
දත්ත එක්රැස් කරන කොට ඒවා ප්‍රදාන වශයෙන් ආකාර 3 කට පවතිනවා.
ලිඛිත සටහන් (Text )
දත්ත රස කරන ප්‍රධාන මාධ්‍යක් වෙන්නේ ලිඛිත සටහන්.
ලියන්න
හැකි ඕනෑම කෙනෙකුට, දත්ත කොලයක හෝ ජංගම දුරකථනයක සටහන් කර
ගන්න පලුවන්. පුත්ගලයකුට එදිනෙදා වැදගත් වෙන ,දුරකථන අංක ,ගමන් කළ ස්ථාන,
ස්ථාන අතර දුර , බැංකු ගිණුම් අංක සහ තවත් බොහෝ දේවල් ලිඛිත දත්ත ලෙස
සලකන්න පලුවන්.තේරුම් ගත නොහැකි අපිළිවෙල සංකේත කිහිපයක් රහස් භාෂාවක
දත්තයක් වෙන්න පලුවන්.
දත්ත
එකතු කිරීම ගවේෂනයෙන් (observation ) හෝ ප්‍රශ්න ඇසීමෙන් (questioning )
හෝ දත්ත එක්රැස් කරන විශේෂ උපකරණයක සටහන් කර ගන්න පලුවන්.උදාහරනයක් විදියට
කොනමනය ,උනකටුව ගන්න පලුවන්.
පරිගණකය සොයා පෙර දත්ත
කළමනාකරණය කිරීමට file system භාවිතා කලා. එවැන්නක් මුලාශ දත්ත සකස්කර ,ගොණුකර
තැබුවෙත ලිඛිත සටහන් ලෙසින්.
ලිඛිත
සටහන් පසුව කායික ක්‍රම (manual) හෝ ප්‍රකාශ සලකුණු කියවනය (OMR) ,ප්‍රකාශ
අනුලක්‍ෂණ කියවනය (OCR) ආදී ස්වයංක්‍රිය ක්‍රම මගින් පරිගණකයට feed කරන්න
පලුවන්.
ශ්‍රව්‍ය (Audio )
කම්පන
අකාරයට ඇති සන්තතික (continuous) ශබ්ද තරංග microphone දියුණුවත් සමග
විද්‍යුත් තරංගයක් (electric signal ) බවට පරිවර්තනය (convert) කිරීමට
හැකි උනා.පරිගණක තාක්ෂණයේ සහ සන්නිවේදන තාක්ෂණයේ දියුණුවත් සමගම මෙම
electric signal එක පරිගණකයට තේරුම් ගතහැකි ද්විමය (Binary) විද්‍යුත්
තරංගයක් බවට පරිවර්තනය කර feed කිරීමට හැකි උනා. මෙම ක්‍රියාවලිය
විස්තරාත්මකව 8. දත්ත හා සන්නිවේදනය පාඩමේදී දැනගන්න පලුවන්.
මෙහිදී
විවිධ microphone අවශ්‍යතාව අනුව යොදාගන්නවා.උදාහරන ලෙස සංගීතඥයා vocal
recoding microphone එකක් බාවිතා කරන අතර රහස් පරීක්ෂක කටයුතු සදහා සංවේදී
කුඩා microphone භාවිතා වෙනවා .ශබ්ද තරංග පරිගණකය feed කිරීමෙන් මූලික
වශයෙන් ශබ්ද තරංග ලෙස ප්‍රතිදානය ලබාගැනීමත් , සැකසීමත් (උදාහරනයක් ලෙස
ඝෝෂාව ඉවත් කිරීම ) බලාපොරත්තු වෙනවා .
ශබ්ද
තරංග පරිගණකයට සාර්ථකව feed කිරීමත් සමගම දෘශ්‍ය මාධ්‍යයෙන් දත්ත ඇතුලත්
කිරීමත් හැකි උනා . මෙහිදී ප්‍රදාන වශයෙන් Digital Camera බාවිතයට ගන්නවා.
Digital Camera තුල දත්ත ගබඩා කරන්නේ ද්විමය (Binary) විද්‍යුත් තරංග
ආකාරයටමය.සැබවින්ම මෙහිදී වීඩියෝ වක් ,අනුපිලිවලකට ඇති නිශ්චල චායරුප වල
එකතුවක් ලෙස සලකන්න පලුවන්. පරිගණකයට තේරුම් ගතහැකි ද්විමය (Binary)
මාධ්‍යට පරිවතනයේදී මෙම නිශ්චල චායරුප ඉතා කුඩා කොටු (pixel) වලට වෙන්
කිරීම හෝ දෛශික ගණිතමය සමීකරණ අකාරයට පත් කරනවා. සරළ වෙබ් camera සිට
Augmented Reality තාක්ෂණයේදී බාවිතා වෙන අධි සංවේදී සංවේදක (sensors)
දක්වා මෙම Digital Camera විකාශය වෙලා තියෙනවා .
Comments
Post a Comment