Posts

Showing posts with the label kal bala pipuna

කල් බලා පිපුණා පුංචිතරුවක් සඳ ළඟින් අහසේ *සුනිල් එදිරිසිංහ සංඛනී එදිරිසිංහ

Image
කල් බලා පිපුණා  පුංචිතරුවක්  සඳ ළඟින් අහසේ  ඒ තරකා මල සඳක් වී  ඔබේ දෑසේ රැඳේ අද දවසේ... රැඳේ අද දවසේ ... ඉගිළිලා සමනල් හැඟුම් අරුණ ගෙන එයි නව පැතුම් අවදි වී නොපියූ නෙතින්  සෙනෙහසේ මාවත සොයන් මල් සිනා වැට පීදිලා රොන් පිරී සුපහන් වෙලා තුන් සිතින් හිනැහී බලන් මං ඔබේ ලොව රජ වෙලා සිව්දිසා කිලි සෝදමින් එයි ගලා නොපහන් දසුන් නෑසුනා නොදුටූ වෙසින් මුදු සරින් කව් ගී ගයන් ඔබ නෙතේ ආලෝකයෙන් දිනූ ලොව විමසා බලන් ගෙවා ආ මග ඔබ රැඳී මහා නුග තුර සේ හිඳී .. ගී පද - කුමාරදාස සපුතන්ත්‍රි ගී තනු - රෝහණ වීරසිංහ ගායනය -සුනිල් එදිරිසිංහ සමග සංඛනී එදිරිසිංහ